කැපවෙමි සමිඳුනි මා ඔබ නමටා
     වීමට මෙහෙකරු ඔබගේ
     ඔබ දුන් වියගහ රැගෙන සෑමදා
     යමි මම ඔබ ගිය පාරේ

ලෝකයේ අඳුරේ
මංමුලාව සිටිය වෙලේ //
ජීවිතයේ හරි මාවත පෙන්වා
දුන්නේ ඔබයි සමිඳේ //

කැපවෙමි සමිඳුනි...

මෙලොවින් ලැබෙනා
සම්පත එපා කරන්නෙම් //
ඔබ හට කරනා සේවය මිහිරියි
සැපත එයයි සමිඳේ //

කැපවෙමි සමිඳුනි...

ඔබගේ පාමුලේ
සේවය කරන්න සමිඳේ //
ශක්තිය, ප්‍රේමය, ආත්මය මා හට
දෙන් සැමදා සමිඳේ //

කැපවෙමි සමිඳුනි...