කැමති ලෙසින් අඹනු මැනවි මා
දිව්‍ය කලාකරුවාණෙනි
මැටි පිඩක්ය මා ඔබේ අතේ
ඔබ කැමති හැඩක් රුවක්
අඹන්න සමිඳේ

මම නොදනිමි ඔබේ සිතේ
තිබෙන මගෙ හැඩේ
මට නොහැඟේ උතුම් අභිමත
සැළසුම් ඔබගේ
මගේම යයි මෙතෙක් සිතුව
මාවත් ඇඳුරේ
මහා කලාකරුවාණෙනි
දැන් එය වැටහේ

මටම දිනක සතුටු වන්න
පිළිවන් වන්නේ
ඔබේ අතින් මා හැදුනොත්
ලද දුක් අතරේ
මිනිස් දුබලකම නිසාම
වේදනා දැනේ
නමුත් සමිඳේ අඹන්න මා
ඔබ කැමති ලෙසේ