කැලඹුනු මාගේ සිත
     රක්ෂස්ථානය නැතිදෝ
     ලොව පාලක යේසුස් නිසා
     හද නොසැලී ඉන්න //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි
දෙවිඳුන්ගේ අභිමුඛයේ //

පසුගිය දේ ගැන, ඔබ කඳුළු සලන්නේද? - //
සිදුවුනු දේ යහපතටයි, ස්තුති ස්තුති දෙන්න - //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි
දෙවිඳුන්ගේ අභිමුඛයේ //

     කැලඹුනු මාගේ සිත... x 1

රළු වූ මුහුද මැද, ඔබ ගිලිහී යන්නේද? - //
අතදිගු කර යේසුස් දෙස බලමින් සුරැකෙන්න - //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි
දෙවිඳුන්ගේ අභිමුඛයේ //

     කැලඹුනු මාගේ සිත... x 1

මිතුරා ඔබ අතහැරියාදෝ, විශ්වාසය කඩකෙරුවාදෝ - //
අත්නාරින අප දෙවිඳුන්ගේ අත අල්ලාගෙන යන්න - //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි
දෙවිඳුන්ගේ අභිමුඛයේ //

     කැලඹුනු මාගේ සිත...

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි
දෙවිඳුන්ගේ අභිමුඛයේ ////