ජීවනයේ මා සමිඳා
     මා හට ප්‍රේම කළා
     කල්වරියේ දිවි පුදලා
     පාපයෙන් මා මිදුවා

මා පව් නිසා දුක් විඳලා
මා හිමි දිවි පිදුවා
පාප බලේ සුන් කරලා
මරණින් ජය ලැබුවා

මගෙ දිවියේ සවිය ඔබයි
මඟ පෙන්වන් සමිඳේ
දෙව් වචනේ සත්‍ය තුළ
මා සඟවන් සමිඳේ

අඳුරු බවෙන් එළිය කරා
මා ගෙන ගිය සමිඳේ
රෝග බියෙන් සතුරු බලෙන්
මට ජය දුන් සමිඳේ

දිවි ගමනේ එළිය ඔබයි
මා පෙම්බර සමිඳේ
පසසමි ගයනෙමි
ඔබෙ සුමිහිරි නාමේ

දිවා රැයේ බලා සිටිම්
ඔබ එනතුරු සමිඳේ
දිවි ගමනේ මං ගෙවනට
ශුද්ධාත්මේ දෙන් සමිඳේ