ජීවනයේ අධිපතියාණනී
     අප ජීවත් කරනා යේසුනී
     ඔබයි ඔබයි ඔබයි...
     ජීවනය, ගෙන දෙන්නේ ඔබයි

ආවත් රුදුරු සොරා රහසින්
සොරකම් කර මරණා විලසින් //
ඔබ ආවේ නැත ඒ අයුරින්
ජීවන නදිය ඔබයි
බොහො ලෙස දෙන්නේ ඔබයි

     ජීවනයේ අධිපතියාණනී..

ගලනා දිය වෙත අප ගෙන යයි
නිල් තණ බිම් වෙත මග පෙන්වයි //
මියැදෙන්නට ඉඩ නොදෙමින් රැකගත්
එඬේරා වූයේ ඔබයි
යේසුනි ඔබ පමණයි

     ජීවනයේ අධිපතියාණනී..







ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත