ජීවන ජලයෙන්, මගෙ හද සෝදා
     දෙනු මැන සමිඳේ, ඔබ ගැන පහදා //

සිත කලබලවී, හිත ගැස්සෙද්දී
මගෙ තනියට ඔබ, ආවා සමිඳේ //

දුක්කරදර ඇති, මේ මනු ලෝකේ
සුභ ආරංචිය, ඔබ ගෙන ආවේ //

ඔබෙ ගුණ කියමින්, තුති ගී ගයමි
ඔබෙ නම කියමින්, පා සිප ගනිමි //