ඉඩ දෙන්නෙමී මෙමා
     මා කැමැත්ත හැරදමා
     දුබලවූ මා දෙස බලා
     ළංකරගන්න මා //

කිසි විටෙකත් නොසඟවා
මුළු හදවතම වගුරුවා
මිහිරි සුවඳින් සිත පුරා
ඔබේ පාමුල යදිමි මා ...//

ලොව කිසිම කෙනෙකු තුළ නෑ
ඔබගෙන් වූ පෙම ලැබුවේ
යේසුනි ඔබ පමණක්මයි
මගේ පවු බර ඉසිළුවේ ...//