හලේලූයියා යේසුතුමා
     මරණය පරදා ජය ගත්තා

සුර දූතයා ස්වර්ගෙන් බැසවිත්
පෙරළී සොහොනේ ගල ඒ උදයේ
ඇයි මුරකරුවෙනි සොහොන
නොරැකියේ - හලේලූයියා

සොහොනේ ජය සුන්විය එදා
මරණේ කටුව පොඩිවී නියතා
පාපය නැතිකළෙ අපෙ
හිමි සුරිඳා - හලේලූයියා

මරණේ සහ පාතාලයෙහි
යතුරු සමිගේ අතෙහි තිබේය
මේ ලොව සහ සග ලොව
රජ ඔබය - හලේලූයියා

මරණේට එහා ප්‍රීතිමත් වූ
තෙදවත් පැතුමක් ලැබුණි අපටා
යේසුගේ මළවුන්ගෙන්
නැඟිටීම මගිනා - හලේලූයියා

සොහොනින් නැඟි යේසුස් සමිඳා
මළවුන් අතරේ ප්‍රථම ඵල වේ
ඉන්පසු නැඟිටිති හිමි සතු
සුසුදෝ - හලේලූයියා

ගැලවුම් කරු යේසුස් නමටා
මහිමේ පැසසුම් ජය ගී නඟමූ
ආ! ඔබ සග ඇරදුනි
ලොව දනටා - හලේලූයියා