ගලන්න මා තුලේ ඔබගේ සවි බලය
ගලන්න මා තුලේ ශුද්ධ ආත්මෙනි
පෙන්තකෝස්ත දවස වගේ
බලයෙන් එනු මැන දෙවිඳුනේ
ඇවිදින් මාගේ ජීවය පුබුදා
බලයෙන් පුරවන්න

ඔබගේ පොරොන්දුව පරිදි
මා තුල ගංගාවක් සෑදී
ජීවනදායක ජලය ලෙසින්
ගලන්න ශුධතුනී