දුකෙන් සිටිනවිට සැනසුම ලබනට
     කෙනෙකු සෙවිමි ලෝකේ
     ඔබතුළ පමණයි සහනය ඇත්තේ
     මාගේ පෙම්බර යේසුනි
     දෙන් සවන් මා, හට අද දිනයේ -
     මාගේ පෙම්බර යේසුනි - //

ඔබගෙ ජීවනේ, සැමදා මා තුළ
තබනු මැනව සමිඳේ
නිරන්තරේ ඔබේ තුරුලෙ සිටින්නට
වරම් දෙන්න සමිඳේ
ඔබගේ වචනෙන්, මා සනසාලා -
ශක්තිය දෙනු මැන යේසුනි - //

මේ දිවි ගමනේ, සැමදා මා හා
සිටිය මැනව සමිඳේ
ඔබ වෙත එන තෙක් නොසැලී සිටිනට
සවිය දෙන්න සමිඳේ
ඔබගේ සෙවනේ, රැඳෙනට සැමදා -
මා එහි එන්නෙමි යේසුනි - //






ගායනය: ශෙහාන් දේවප්‍රිය