දිව්‍ය සිතේ මිහිර ඇතේ
     ජීවන ධාරා ගලා බසින්නා
     සිත තුළ සාමය වේ

කිරි හා මීයෙන් උතුරන්නා
රටකි මේ සිත් හිමි දෙන්නා
ජීවන වෘක්ෂේ එහි වැඩෙමින්නේ
අතු අග පලබර වේ

යකුට හෘදේ ඉඩ නැත්තේ
ලොවෙහි ආශා එහි නැත්තේ
මාංශික තෘෂ්ණා නැතිවී සදහටා
හදවත පිරිසිදු වේ

තැළුන වූ ඒ බිඳි හෘදේ
අනගි පූජාවකි ලෝකේ
භාරගනීවී මිහිරි වූ පූජා
දෙවිතුම බොහො ප්‍රියවී

මහිමෙ ආත්මෙන් පිරි හෘදේ
බලය බෝවේ ඇදහිල්ලේ
පර්වත බධා යයි පහවීලා
යන යන තැන ජයවී

මිහිරි ශබ්දේ දෙවිඳුන්ගේ
නිසල හෘදේ රඟදෙන්නේ
ස්වර්ගික රාජ්ජේ සිත් තුළ ඇත්තේ
හිමිතුම එහි රජවී