දෙවිඳුනි ඔබ මගේ සවියයි
     මට උපකාර කරයි
     නිරතුරු ඔබ මා ලඟමයි
     ඔබ මගේ සවියයි //

ආදරයි ඔබ අඳුරින් මුදවන
මව්කුසයේ මා ඉසිළුව
මා පසුකළ හැම මොහොතක්
මා පසුකළ හැම දිනයක්
මා රුව දුටුවෙ ඔබයි
නිමැවුම්කරු ඔබමයි

දෙවිඳුනි ඔබ මගේ සවියයි...

පර්වතයයි ඔබ මගෙ පා රඳවන
සරණයි මාගේ සැමදින
ඔබ මුදුකම මා සවියයි
දිවිමඟ නිරතුරු එළියයි
දිවි සුරකින බලයයි
සවිමත් කළ පවුරයි

දෙවිඳුනි ඔබ මගේ සවියයි... x 2