දෙවිඳුගෙ එකම පුතා දුන්නා
ලෝකයට ප්‍රේමය දක්වන්න //
එතුමන් අදහන සෑම දෙනා
විනාශ නොවෙන්නට //

යේසුස් දිවි පිදුවා පව්කරුවන් උදෙසා // අපි වගෙ
එතුමගෙ ප්‍රේමේ මිල කරන්න බෑ
අනන්ත ප්‍රේමය //

පුතාව දුන් දෙවිඳුන්
අන් දේ නොදී සිටින්නේද //
දෙවිඳුගෙ ප්‍රේමේ සදාකාලිකයි
වෙනස් නොවේ කිසිදා //

එතුමන් මිල දීලා ගත්තේ
මෙමාව රන් රිදී වලින් නොවේ //
පලුදක්වත් කැලලක්වත් නැති ඒ
ජීවිතෙ පුද කරලා //