දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ
     මගේ රජිඳේ මා සැමදාම සිහි කරන්නේ //
     මන්දැයි // ඔබ මා සමඟ සිටින නිසා

වළාකුළේ සිට ඔබ මඟ පෙන්වූවා
දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා
ප්‍රේමයේ දෙවිඳුන් මා සමඟ ඉන්නේ
එය සෑහේ දිවිය පුරා //

     දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ…

පිපාසයෙන් දේව සෙනඟ අහස දෙස බලා
පර්වතය වූ දෙවිඳු අප සමඟිනා
මගේ සියළු ආශාවන් ඉටු කරන දෙවිඳේ
සන්තෝෂෙන් මා නමදින්නේ //

     දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ..

ජීවිතේ තිත්ත අත්දැකීම් ලැබුවා
ප්‍රේමයේ ඒ ගස මා සමඟ වේ
මාරාවේ ජලය මිහිරට හැරවූ
ඒ දෙවිඳුන් මා සමඟයි //

     දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ…