දෙව් හිමිපාණෙනි
සුර රජිඳාණෙනි
පුන්බල දෙවිඳු පියේ
අපි ඔබ නමදිමු තුතිදෙමු පසසමු
සැමදා මහිමෙ ඔබේ

     සුරලොව දෙවිඳු මගේ
     ඔබහට මහිමය වේ //
     මිහිමත දන හට සාමය වේවා
     ප්‍රේමයෙ දෙවිඳු පියේ

සගයෙහි වැඩ හිඳිනා පිය දෙවිඳුනි
කරුණා නයන හෙලා
ලෝ පව් දුරලන දෙව් හිමිපාණෙනි
අප හට වෙනු කරුණා

නිති සරණය දෙන දෙවිඳුනි කඩනොව
නංවනු ආසිරිවලා
හිමියනි දෙවිඳුනි සලසනු ප්‍රේමය
අප වෙත එන්න ගලා