දේව පියාණන් පුත්‍රයාණන්ව
     මහිමයට එසෙව්වා
     අන් සැමට වඩා සැම දෙයට වඩා
     එතුම් නාමය පසසන්න //

සියල්ලටම ඉහලින් තබා -
අඳුර පා යට දමා - //
සියල්ල කෙරෙහි බලය ලබා
පුදුම දේ කරන්නේ - රජකම් කරන්නේ

     දේව පියාණන් පුත්‍රයාණන්ව... x 1

රජුන්ගේ රජවූ යේසුතුමන් -
සදා නමදින්නෙම් - //
සැම දණ නමමින් එතුම් නාමයට
ගෞරව කරන්නේ - ස්තුති ගී ගයන්නේ

     දේව පියාණන් පුත්‍රයාණන්ව... x 1
     අන් සැමට වඩා සැම දෙයට වඩා
     එතුම් නාමය පසසන්න
     එතුම් නාමය පසසන්න
     එතුම් නාමය පසසන්න






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත