දයා ප්‍රේමය ඇති තැන
     දෙවිඳුන් වැඩ වසනු ඇත

ක්‍රිස්තු තුමන්ගේ ප්‍රේමයෙන්
අපි හැම දෙන එක්වෙමු
එතුමන් තුළ ප්‍රීතියෙන්
සතුටු වෙන්නෙමු
ජීවමාන දෙව් තුමනට
හද බැති පෙම් දක්වමු
අවංක වූ හෘදයෙන්
එකිනෙකාට ප්‍රේම කරමු

අපි කිසියම් තැනකට
එක් රැස්ව සිටිමුද
එක් සිත්ව සිටිනට
ප්‍රවේසම් වෙමු
සන්ඩු දබර නඩු හබ නොව
සාමෙන් ජීවත් වෙමු
කිතු සමිඳාණන් නිති
අප වෙතටම කැඳවා ගනිමු

මොක් වැසියන් සමඟින
ඔබ තේජස දකිනට
නිති සමිඳුනි අපහට
වරය ලැබේවා
තවද කිසිඳු අඩුවක් නැති
සදා සැපත අප ලැබ
සැම කල්හි සග සැප
මොක්පුරයේ අපි විඳිමුව