බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ
     ඔරුව තුලේ සිසිලේ නිදයි
     යේසු බිළින්දා
     යේසු බිළින්දා

ලෙලෙන කැන් දිදී, අමුතු තරුවකී - //
අඳුර මැදින් එළිය මවයි
යේසු බිළින්දා
යේසු බිළින්දා

     බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ...

නිරිඳුන් තිදෙනා, තරුවෙන් දිලෙනා - //
මග අහගෙන යති දැක්මට
යේසු බිළින්දා
යේසු බිළින්දා

     බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ...

සත වෙත කරුණා, පිණිදිය ගලනා - //
මුතු උල්පත පාදා දුනි
යේසු බිළින්දා
යේසු බිළින්දා

     බෙත්ලෙහෙම් පුරේ, දිළිඳු ගව ලෙනේ
     ඔරුව තුලේ සිසිලේ නිදයි
     යේසු බිළින්දා
     සාමෙ රජින්ඳා
     යේසු බිළින්දා
     සාමෙ රජින්ඳා