බය වෙන්න එපා කැළඹෙන්න එපා
අපෙ දෙවිඳුන් අප සමඟයි
ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත්
අපෙ දෙවිඳුන් අප සමඟයි

මැටි රූපයක් ගල් පිළිමයක්
නොවේ අපේ දෙවිඳුන්
මගේ ජීවිතේ වැඩ වසනා
ජීවමාන රජිඳුන්

රථ වලින් නොවේ කඩු වලින් නොවේ
අශ්වයන්ගේ බලය නොවේ
මට ජය ගෙන දෙන මගේ දෙවිඳුගේ
බලවත් හස්තයමයි