බලය ඒ නාමය, සුවය ඒ නාමය
     මිදීම ගෙනදෙන නාමය
     මගේ යේසුනි ඒ ඔබගේ නාමය
     මගේ යේසුනි ඒ ඔබගේ නාමය //

ඔබෙ සළුවට මා අතගැසුවත් ඇති
මගෙ රෝගය සුව වේ
ඔබ එක් වදනක් මට කීවත් ඇති
මගෙ ජීවය වෙනස් වේ //
බලයේ නාමය, සුවයේ නාමය -
මිදීමේ නාමය, මගෙ යේසුස්ගේ නාමය - //

බලය ඒ නාමය... x 1

අන්ධ වෙලා මා මහ මඟ සිටියා
මගේ නෙත් පෑදූවේ
රෝගාතුරු වී යහනේ සිටියා
ඔබ මට අතගැසුවේ //
බලයේ නාමය, සුවයේ නාමය -
මිදීමේ නාමය, මගෙ යේසුස්ගේ නාමය - //

බලය ඒ නාමය... x 1

කුණාටුවේදී සැඩ සුලඟේ මහ -
සයුරේ මා සිටියා
ඔබ මගේ ඔරුවේ සිටිය නිසා
මගේ දිවි ගැලෙවූවා //
බලයේ නාමය, සුවයේ නාමය -
මිදීමේ නාමය, මගෙ යේසුස්ගේ නාමය - //