අලුත් ඉරක් පායලා
     අලුත් දිනක් උදාවෙලා
     කුරුළු ගීත සිසිල් සුළං
     රැළි අතරේ පාවෙලා
     හරි ලස්සන මෙවන් දිනක්
     සිත් සනසන මෙවන් දිනක්
     ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ - //

මෙදින මගේ වැඩ සියල්ල
සතුටු සිනහ කඳුළු මෙන්ම //
ඔබ හට බාරයි සමිඳේ
ඔබ හට බාරයි

රටට සෙතක් උදාවෙන්න
ඒ වෙනුවෙන් වෙහෙස වන්න //
උදව් දෙනු මැනේ සමිඳේ
උදව් දෙනු මැනේ

දවස ගෙවී වැඩ කරන්න
වෙහෙස මැදින් තුති පුදන්න //
රකිනු මැනවි මා සමිඳේ
රකිනු මැනවි මා