අඩොනායි මා ස්වාමි දෙව් රජිදාණෙනි
මා ඔබ හට ගෞරවයෙන් තුති පුදන්නෙමි
මගේ ගැළවුම්කරු සමිඳුනි ඔබව නමදිමි
මේ නව ගීයෙන් ඔබව පසසමි ඔබව නමදිමි

එල්ෂඩායි සියලූ බල ඇති එකම දෙවිදාණෙනි
සගලොවේ සදා වැජඹෙන උතුම් රජිදාණෙනි //
ඔබව පසසමි ඔබව නමදිමි

යාහ්වේ ඔබගේ නාමය සදාකල්ම පවති
මා හට මග පෙන්වනා ඊශ්‍රායෙල් සමිඳුනි //
ඔබව පසසමි ඔබව නමදිමි