ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

මගේ ඇදහිල්ල ගින්නෙන්
සෝදීසි කළාම //
රන් මෙන් පිටත්ව එන්නෙමි
ප්‍රශංසාවට ඔබගේ - නිරතුරු
ප්‍රශංසාවට ඔබගේ

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

භායානක රුදුරු කුණාටු අතරෙහි
සන්තෝස හදවතිනා //
නිවාඩු ගනිමි මෙමා - ඔබ තුළ
නිවාඩු ගනිමි මෙමා

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

ඉඩක් නොදෙමි මම
සැකක් ඇතිවන්නට //
පොරොන්දු ගැන ඔබගේ
සදාට එක ලෙස වේ - ගිවිසුම
සදාට එක ලෙස වේ

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

ජයෙන් ජයට යමි
දෙව් පුත් ඇදහිල්ලෙන් //
සාතන් පරදා ලමිනා
සටන් නිමවෙයි සැණිනා - සැබවින
සටන් නිමවෙයි සැණිනා

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

අවංක සිත් ඇති පොරොන්දු අදහන //
දරුන් අතර මෙදිනේ
ක්‍රියාකරනු පෙරසේ - දෙවිඳුනි
ක්‍රියාකරනු පෙරසේ

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //