ඇදහිල්ලම කරම්
සෑමදාම සන්තොසින්
අන්තරා ඇතත් තද
ඇදහිල්මයි සොඳ

     අදහම් බැතින් මම
     පෑ දින බැගින් සැම
     මක්වෙතත් නොහැරම
     යේසුමයි සියල්ලම

ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නො හැකියි

ආත්මයාණෝ සිත් තුළ
දීප්තිමත්ව බබළයි
ඒ බලේ ඇති කල
මා වැටෙන්ට නොහැකියි

ගීතිකා නද දෙමින්
කන්නලව් පුදා නොමින්
යේසුගේ නම අරන්
යන්නෙමි අදහම්න්

ජීවිතේ ඇති විටත්
මේ ලොවින් ගියාමද
රන් දොරින් යන කලත්
ඇදහිල්ලමයි සොඳ







ඇදහිල්ලම කරම් - ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.




Simply trusting every day,
Trusting through a stormy way;
Even when my faith is small,
Trusting Jesus, that is all.

Chorus:
Trusting as the moments fly,
Trusting as the days go by;
Trusting Him whate’er befall,
Trusting Jesus, that is all.


Brightly does His Spirit shine
Into this poor heart of mine;
While He leads I cannot fall;
Trusting Jesus, that is all.

Chorus…

Singing if my way is clear,
Praying if the path be drear;
If in danger for Him call;
Trusting Jesus, that is all.

Chorus…

Trusting Him while life shall last,
Trusting Him till earth be past;
Till within the jasper wall,
Trusting Jesus, that is all.

Chorus…



Words: Edgar P. Stites, 1876.
Music: Ira David Sankey (1840-1908)