ආසිරි සෙත් වරුසාවක්
ඒවී ගිවිසුම් ලෙසින්
ආත්මෙට සැපති කලක්
පැමිණෙයි සමිඳුගෙන්

     ආසිරි දැන්ම
     වරුසාවක් මෙන් ඕනෑ
     පොද වැටෙතත් වටින්ම
     වරුසාවක්ම ඕනෑ

ආසිරි සෙත් වරුසාවක්
අමුතු බලේ දෙන
වියළි තැන් පිබිදීමක්
වේවි සිත් පිනවන

ආසිරි සෙත් වරුසාවක්
දැන් අනේ හිමි එවන්
ජය දෙන සැනසීමක්
දෙන් පොරොන්දුව ලෙසින්

ආසිරි සෙත් වරුසාවක්
අප අයදුම් ලෙසින්
අදම නොවී පමාවක්
ඒවා අප පිට දැන්






ආසිරි සෙත් වරුසාවක් - ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.





There shall be showers of blessing:
This is the promise of love;
There shall be seasons refreshing,
Sent from the Savior above.

Refrain:
Showers of blessing,
Showers of blessing we need:
Mercy-drops round us are falling,
But for the showers we plead.


There shall be showers of blessing,
Precious reviving again;
Over the hills and the valleys,
Sound of abundance of rain.

Refrain…

There shall be showers of blessing;
Send them upon us, O Lord;
Grant to us now a refreshing,
Come, and now honor Thy Word.

Refrain…

There shall be showers of blessing:
Oh, that today they might fall,
Now as to God we’re confessing,
Now as on Jesus we call!

Refrain…

There shall be showers of blessing,
If we but trust and obey;
There shall be seasons refreshing,
If we let God have His way.



Daniel W. Whittle - 1883
Scripture: Ezekiel 34:26; Psalm 115:12; Genesis 32:26