ආසිරි ලද්දෝ /// කව්දෝ
අපරාදෙට කමාව පාපෙට සමාව
ලැබූ තැනැත්තෝ නොවේදෝ
මහිමය දෙවිඳුන්ට පැසසුම දෙවිඳුන්ට //
මහිමය පැසසුම ලබන්ට වටිනා
දෙවිඳුන් ඔබ නොවෙද? //

ආසිරි ලද්දෝ /// කව්දෝ
දමිටු කම නිසා පීඩා විඳින්නෝ
ආසිරි ලද්දෝ නොවේදෝ //
මහිමය දෙවිඳුන්ට පැසසුම දෙවිඳුන්ට //
මහිමය පැසසුම ලබන්ට වටිනා
දෙවිඳුන් ඔබ නොවෙද? //

ආසිරි ලද්දෝ /// කව්දෝ
ධර්මිෂ්ඨ කමට සාපිපාස ඇත්තෝ
ආසිරි ලද්දෝ නොවේදෝ //
මහිමය දෙවිඳුන්ට පැසසුම දෙවිඳුන්ට //
මහිමය පැසසුම ලබන්ට වටිනා
දෙවිඳුන් ඔබ නොවෙද? //



(ගීතාවලිය 32:1, මතෙව් 5:6-10)