ආශිර්වාද අපහට වරුෂාව මෙන් දැන්
හෘදය සමාදානෙ ඔබ වගුනර්
ප්‍රේමයෙන් ඔබ අප ස්ථිර කරන්න
සැනසීම දෙන් දැන් - සැනසීම දෙන් දැන්
වනාන්තරෙන් ගමන් යන අප සැමට

නමස්කාර කරත් නිතින් ඔබ දසුන් සැවොම
පුදමු මහිමය ඔබ නාමෙට
මිදීමේ වචනය වර්ධනය
මා ජීවිතේ එය බබලන්නට
ඇදහිල්ල දෙන් දැන් - ඇදහිල්ල දෙන් දැන්
සැබෑවට ස්ථිර සිතින් ජීවත් වෙන්නට

ලකුණු දැන් පේන විට සූදානම් වෙමුව
භූමියෙන් අප ගන්න ස්වාමි ඒවිය
දේවදූතුන් මෙන් නුඹ ස්වර්ග ගෙන යයි
කීකරු සැමහට ප්‍රීතියමයි
සදාකාලෙන් සදාකල් - සදාකාලෙන් සදාකල්
ක්‍රිස්තු සමඟම උරුමෙ ලබයි