ආරංචි පවසන්න සැමතැන්හි මේ ලෝ
     ආසේක ශුද්ධාත්මයාණෝ

දිව්‍ය වදන් සේම ශුද්ධාත්මේ වගුරයි
මේ අන්තිම වැස්සමයි
යෞවනයෝ දර්ශන
වැඩිහිටියෝ සිහින
දකිනෝය මේ කාලයේ

රාත්‍රී ඉකුත්වීය ප්‍රීති උදය වී
සේවේ කරව් ආත්මයෙන්
කඳු අතරෙන් රන්වන්වූ
හිරු නැගලා එන්නේය
දහවල් වී ආලෝක දේ

පාපේ වහල් වී සිටින්නා වූ දනටා
පූර්ණ මිදීම ලැබේ
පව්කරුවන් සැමාට
දෙව් තුමගේ දයාව
කරුණාව ඇත්තේ මෙදා

ශුද්ධාත්මයෙන් පූර්ණ වී
සෑම දවසේ
ආත්මෙන් යෙදෙව් සේවයේ
කිතු තුමගේ සභාව
ගොඩනගමින් සම්පූර්ණ
කරනෝය ශුද්ධාත්මයෝ

ස්වාමින්ගේ ඊම ඉතාමත්ම ළංවේ
මේ අන්තිම වැස්සමයි
ඉවසිලි වී සිටින්න
ඵල උදෙසා අනර්ග
ගොවි රජා එන්නේමය